ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය ලහිරු තිරිමාන්නට

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය ලහිරු තිරිමාන්නට

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය ලහිරු තිරිමාන්නට

කර්තෘ Kumudu Jayawardana

23 Jul, 2014 | 4:39 pm

මෙම වසරේ දකුණු කොරියාවේදී පැවැත්වෙන 17 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට පිරිනමා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ, එම කණ්ඩායමේ උප නායකත්වයට උපුල් තරංග නම් කර ඇති බව ය.

මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩාය‍මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ඇතුළත් කර නොමැත.

මෙම කණ්ඩායමට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල ද ඇතුළත් කර තිබේ.

සැප්තැම්බර් 19 වන දා ඇරඹෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙසේ ය.

1. ලහිරු තිරිමාන්න – නායක
2. උපුල් තරංග – උපනායක
3. කිත්රුවන් විතානගේ
4. දිනේෂ් චන්දිමාල්
5. අෂාන් ප්‍රියන්ජන්
6. ෂෙහාන් ජයසූරිය
7. අසේල ගුණරත්න
8. අලංකාර අසංක
9. කෝසල කුලසේකර
10. දිල්හාර ලොකුහෙට්ටි
11. චතුරංග කුමාර
12. ඉසුරු උදාන
13. චතුරංග ද සිල්වා
14. ජීවන් මෙන්ඩිස්
15. රමිත් රඹුක්වැල්ල

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]