11 හැවිරිදි දැරියක අපයෝජනය කිරීම: නාවික හමුදා සෙබළුන්ට ඇප

11 හැවිරිදි දැරියක අපයෝජනය කිරීම: නාවික හමුදා සෙබළුන්ට ඇප

11 හැවිරිදි දැරියක අපයෝජනය කිරීම: නාවික හමුදා සෙබළුන්ට ඇප

කර්තෘ Chathuranga Rajapaksha

19 Jul, 2014 | 8:42 am

යාපනය, කයිට්ස්හිදී 11 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා සෙබළුන් 7 දෙනා ඇප මත මුදාහැර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ නාවික සෙබළුන්  ඊයේ සවස යාපනයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔවුන් හඳුනාගත නොහැකි වූ නිසා ඇප මත මුදාහැරි බව ය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම පිරිස අත්අඩංගුවට ගනු ලැබිණි.