ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ දොරටුව විවෘත වන ලකුණු

ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ දොරටුව විවෘත වන ලකුණු

ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ දොරටුව විවෘත වන ලකුණු

කර්තෘ Chathuranga Rajapaksha

19 Jul, 2014 | 6:04 pm

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 370ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය අවසන් වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 110ක් රැස් කරගෙන සිටියහ.

ඒ, අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තව ත් ලකුණු 260ක් ලබා ගත යුතුව තිබේ.

ඒ ,සඳහා කඩුලු 9ක් ද ඉතිරිව තිබේ.

කුමාර් සංගක්කාර ලකුණු 58ක් හා කුසල් සිල්වා ලකුණු 37ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය 4 වන දිනයට අද ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 9කට ලකුණු 283ක් ලබා සිටියහ.

ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 292ක් පමණි.

අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 206ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

ඇල්විරෝ පීටර්සන් ලකුණු 32ක් ලබා ගත්තේය.

ෆාෆ් ඩූ ප්ලේසී ලබාගත් ලකුණු ගණන 37කි.

ඒ.ඩී.ඩිවිලියර්ස් ලකුණු 51ක් ලබා ගැනීමට සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් ලබා ගත්තේය.

රංගන හේරත් ලබාගත් කඩුලු ගණන 2කි.

අනතුරුව ලකුණු 370ක ජයග්‍රාහී ඉලක්කයක් සඳහා උපුල් තරංග සහ කුසල් පෙරේරා පිටියට පැමිණියහ.

පළමු කඩුල්ල ලෙස උපුල් තරංග ලකුණු 14කට දැවී ගියේය.