ලෝක ශූර ජර්මනියේ නායක පිලිප් ලාම් පාපන්දු පිටියෙන් සමු ගනී (Photo)

ලෝක ශූර ජර්මනියේ නායක පිලිප් ලාම් පාපන්දු පිටියෙන් සමු ගනී (Photo)

ලෝක ශූර ජර්මනියේ නායක පිලිප් ලාම් පාපන්දු පිටියෙන් සමු ගනී (Photo)

කර්තෘ Chathuranga Rajapaksha

19 Jul, 2014 | 2:21 pm

ලෝක ශූර ජර්මනි පාපන්දු කණ්ඩායමේ නායක පිලිප් ලාම් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

30 වන වියේ පසුවන පිලිප්, ජර්මනිය වෙනුවෙන් තරග 113කට ක්‍රීඩා කර තිබේ.

philipp-lahm-attends-a

ඔහු සිය සමු ගැනීම ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා මොහොතේදී තම කණ්ඩායමට බ්‍රසීලයේදී පැවති පාපන්දු ලෝක කුසලානය ද ජයග්‍රහණය කිරීමට හැකිවීම සතුටට කරුණක් බව ය.

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගත්ත ද දේශීය පාපන්දු තරගවලට තව දුරට ත් ක්‍රීඩා කරන බව ලාම් සඳහන් කළේය.

Philipp Lahm (1) Philipp Lahm (2) Philipp Lahm (3) Philipp Lahm (4) Philipp Lahm (5)