“අසව්…අසව්” : කඩුවෙල බදු එකතු කරන අලුත්ම ක්‍රමය (Video)

“අසව්…අසව්” : කඩුවෙල බදු එකතු කරන අලුත්ම ක්‍රමය (Video)

කර්තෘ Chathuranga Rajapaksha

19 Jul, 2014 | 9:27 pm

“අසව් අසව්…..අසව් අසව්……”

මේ අතීතයේදී අඬබෙරකරුවන් උපයෝගී කර ගනිමින් සිදුකළ සන්නිවේදන ක්‍රමයකි.

එම ක්‍රමය උපයෝගී කර ගනිමින් වරිපනම් බදු අය කිරීමට ගත් උත්සහයක් බත්තරමුල්ල නගර මධ්‍යයේදී අද දක්නට ලැබුණි.

වරිපනම් බදු ගෙවීමෙන් ජනතාවට අත්වන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම මෙහි අරමුණ විය.

කඩුවෙල නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන්, අද උදෑසන බත්තරමුල්ල දිස්ත්‍රික් කාර්යාලයෙන් මෙය ආරම්භ කෙරිණ.

කඩුවෙල නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා

[quote]ජනතාව උසාවි ගෙනියන්නේ නැතිව දේපොළ තහනම් කරන්නේ නැතිව ඉතාමත් සාමකාමී සුහද විදියට තමයි අපි මේ බදු මුදල් එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ.  කඩුවෙල සංවර්ධනයට විශාල මුදලක් වැයකරනව. ප්‍රධාන ආදායම් ඉලක්කය තමයි වරිපනම් බදු. මේක සතෙන් සතේ එකතුකරලා තමියි අපි විශාල වශයෙන් කඩුවෙල සංවර්ධන කටයුතු කරන්නේ.ඒ නිසා මේ බදු මුදුල් විශාල ව‍ශයෙන් එකතුවෙන්න තියෙනවා.ඉතිං ඒක ජනතාවට දැනුවත් කරලා ඒක ලබාගැනීම තමයි අපේ ඒකායන පරමාර්ථය.[/quote]

කඩුවෙල මහ නගර සභාවේ ගණකාධිකාරී කේ.එම්.ආර්.පී කුමාර මහතා පැවසුවේ, මිලියන 50 කට අධික මුදලක් වරිපනම් ලෙස මේ වනවිට අය කරගත යුතුව ඇති බව ය.

කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශයේ වරිපනම් ගෙවිය යුතු  පිරිස, එක්ලක්ෂ පන්දහස් පන්සිය හැට දෙකකි.

කඩුවෙල මහ නගර සභාවේ ගණකාධිකාරී කේ.එම්.ආර්.පී කුමාර මහතා

[quote]අද අපි පටන්ගත්තා අඬබෙරකරුවෙක් ලවා ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරා හිග තියෙන වරිපනම් ගෙවලා මේව කරන්න එහෙම නැතිවුනොත් ඒ නිවෙස් හිමියන්ගේ හිග තියෙන චන්චල දේපල අපේ භාරයට අරගෙන අපි ඒවා විකුණලා අපි ‍ඒ වරිපනම් මුදල් අපි ආවරණය කරගන්නවා.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]