ලෝකයේ වෙසෙන දරුවන් කෙතරම් අනාරක්ෂිත ද? මෙක්සිකෝවෙන් අප්‍රසන්න පුවතක්

ලෝකයේ වෙසෙන දරුවන් කෙතරම් අනාරක්ෂිත ද? මෙක්සිකෝවෙන් අප්‍රසන්න පුවතක්

ලෝකයේ වෙසෙන දරුවන් කෙතරම් අනාරක්ෂිත ද? මෙක්සිකෝවෙන් අප්‍රසන්න පුවතක්

කර්තෘ Kumudu Jayawardana

16 Jul, 2014 | 9:35 am

මල් කැකුළු වැනි දරුවන් සිය ගණනකගේ ජීවිත අඳුරු කළ මහා පරිමාණ ළමා අපයෝජනයක් පිළිබඳව මෙක්සිකෝවෙන් වාර්තා වේ.

‍මහ පොළොව නුඋහුළන මෙම අපරාධය සිදුව ඇත්තේ, මෙක්සිකෝවේ මිකෝකැන් නුවර පිහිටි ළමා නිවාසයක ය.

බීබීසී පුවත් සේවය වාර්තා කළේ, The Big Family නමැති එම ළමා නිවාසයේ සිටි ළමුන් 452 දෙනෙකු අප‍යෝජනයට ලක්ව ඇති බව ය.

ඔවුන් කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති අතර සිඟමන් සඳහා ද යොදාගෙන ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

එම ළමුන් 452 දෙනාගෙන් 278 දෙනෙකු පිරිමි ළමුන් වන අතර 174 දෙනෙකු ගැහැණු දරුවන් බව රොයිටර් පුවත් සේවය පවසයි.

ඒජන්සි වාර්තාවල දැක්වෙන්නේ, මේ සම්බන්ධයෙන් ළමා නිවාසයේ හිමිකරු සහ සේවකයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය.