English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
16 Jul, 2014 | 10:40 pm
ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතාට එල්ල වී ඇති තර්ජනවලින් පෙන්නුම් කරන්නේ නීතියේ හා සාමයේ බිඳ වැටීම බව නීතිඥ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නීතිඥ එකමුතුවේ කැඳවුම්කරුවන් වන ලාල් විජේනායක සහ ජේ.සී. වැලිඅමුණ යන මහත්වරුන්ගේ අත්සනින් යුත් නිවේදනයේ වැඩි දුරට ත් දැක්වෙන්නේ, උපුල් ජයසූරිය මහතා නීතිඥ සංගමයේ ශක්තිමත් නායකයෙකු බව ය.
ඔහු මෙරට ප්රජාතන්ත්රවාදහය පිරිහීමට විරුද්ධව කථා කරන පුද්ගලයෙකු වන බව ද එම එකමුතුව පෙන්වා දෙයි.
ඔවුන් පවසන්නේ, එවැනි පුද්ගලයන් සිවිල් සංවිධාන ,මානව හිමිකම් ක්රියාකාරීන් සහ රජය විවේචනය කරන පුද්ගලයින් පිළිබදව රහසිගතව තොරතුරු සෙවීමේ තත්ත්වයක් දැන් උද්ගතව ඇති බව ය.
ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිට එල්ල වී ඇති තර්ජන හා බිය ගැන්වීම් තරයේ හෙළා දකින නීතිඥ එකමුතුව වහා ම මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සභාපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටී.
යතුරු පැදියකින් තමන්ව ලුහුබැදීම සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා කුරුඳුවත්ත පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.
10 May, 2018 | 11:18 AM
04 Jul, 2017 | 10:34 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්රයිවට් ලිමිටඩ් 45/3, බ්රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS