නාවික හමුදා සාමාජිකයින් අපයෝජනය කළ බව කියන දැරියක් යාපනය රෝහලට ඇතුළත් කෙරේ

නාවික හමුදා සාමාජිකයින් අපයෝජනය කළ බව කියන දැරියක් යාපනය රෝහලට ඇතුළත් කෙරේ

නාවික හමුදා සාමාජිකයින් අපයෝජනය කළ බව කියන දැරියක් යාපනය රෝහලට ඇතුළත් කෙරේ

කර්තෘ Sagarika Chathumali

16 Jul, 2014 | 7:27 pm

යාපනය, කරෙයිනගර් ඌරි ප්‍රදේශයේ 11 හැවිරිදි දැරියක අපයෝජනයට ලක්වි ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ දිනයේදී අපයෝජනයට ලක් වී ඇති බව කියන දැරිය යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ

රෝහලට ඇතුළත් කළ දැරිය සම්බන්ධයෙන් ප්‍රථම අදියරේ පරීක්ෂණ සිදුකරමින් පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

නාවික හමුදා සාමාජිකයින් විසින් එම දැරිය අපයෝජනයට ලක් කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කොසල් වර්ණකුලසුරිය මහතාගෙන්  විමසී ය.

ඔහු පැවසුවේ, නාවික හමුදාවේ මීට සම්බන්ධ බවට පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇති බව පොලීසිය තමන්ට දැනුම් දී ඇති බව ය.

ඊට අමතර  කිසිදු තොරතුරක් වාර්තා වි නොමැති බව ද ඔහු පැවසී ය.