‘සුපර් ෆයිටර්’ අවසන් මහා තරගයට සියල්ල සූදානම් (PHOTOS)

‘සුපර් ෆයිටර්’ අවසන් මහා තරගයට සියල්ල සූදානම් (PHOTOS)

‘සුපර් ෆයිටර්’ අවසන් මහා තරගයට සියල්ල සූදානම් (PHOTOS)

කර්තෘ Sagarika Chathumali

13 Jul, 2014 | 6:30 pm

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං රන් පදක්කම් සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා රියැලිටි ටී.වී. වැඩසටහන වන සුපර් ෆයිටර් අවසන් මහා තරගය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. 

SUPER6

SUPER4

SUPER3

SUPER2

SUPER1

තරගය පැවැත්වෙන්නේ, රත්මලාන ස්‍ටයින් මැදිරි සංකීර්ණයේදී ය.

එම්.ඒ.එස් හෝල්ඩිංස් හා ශ්‍රී ලංකා බොක්සිං සංගමය සමග එක්ව එම්.ටී.වී / එම්.බී.සී හා නිව්ස් ෆස්ට් විසින් මෙය සංවිධාන කරනු ලැබේ.

කිලෝ ග්‍රෑම් 49 බර පන්තියෙන් මහනුවර විද්‍යාර්ථ විදුහලේ ඉසංක සංජය සමග තරග වැදීමට නියමිතව සිටින්නේ, කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිෂ්ණ මෙනන් සිංදුජන් ය.

මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ලසිත් සංදීප දසනායක හා දෙල්ගොඩ කල්‍යාණි ප්‍රදීප විද්‍යායතනයේ බුද්ධික මනරම් කිලෝ ග්‍රෑම් 52 බර පන්තියෙන් තරග වදිනු ඇති.

හොරණ විද්‍යාරතන විද්‍යාපීඨයේ භානුක ජයම්පති, පේරාදෙණිය මධ්‍ය විදුහලේ නුවන් කුමාර අමරසිංහ තරග වදින්නේ කිලෝ ග්‍රෑම් 56 බර පන්තිය යටතේ ය.

හොරණ විද්‍යාරතන විද්‍යාපීඨයේ සංදීප සමරසිංහ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ලක්ෂාන් ලියනගේ කිලෝ ග්‍රෑම් 60 බර පන්තිය යටතේ තරග වැදීමට නියමිත යි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]