සත්කාරක බ්‍රසීලය සහ ජර්මනිය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

සත්කාරක බ්‍රසීලය සහ ජර්මනිය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

සත්කාරක බ්‍රසීලය සහ ජර්මනිය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

කර්තෘ Sagarika Chathumali

05 Jul, 2014 | 9:41 am

සත්කාරක බ්‍රසීලය සහ ජර්මනිය ලෝක කුසලාන පාපන්දු  තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය.

සත්කාරක බ්‍රසීලය ගෝල 2ට 1ක් ලෙස කොලොම්බියාව පරාජය කළ අතර බ්‍රසිලය වෙනුවෙන් නායක තියාගෝ සිල්වා හා ඩේවිස් ලුවිස් ගෝල වාර්තා කළහ.

කොලොම්බියාව වෙනුවෙන් දඩුවම් පහරක් මගින් ගෝලයක් වාර්තා කළ හාමිස් රොඩ්‍රිගාස් මේ වන විට ගෝල 6ක් ලබා මෙවර තරගාවලියේ ඉහළ ම ගෝල ලාභියා ලෙස තව දුරට ත් පෙරමුණේ පසු වේ.

සත්කාරක බ්‍රසිලය ජර්මනියට එරෙහිව ලබන අගහරුවාදා අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිත යි.

මේ අතර අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රංශය පරාජය කරමින් ජර්මනිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසිණ.

german

රියෝ දි ජනයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රියේ ජර්මනිය හා ප්‍රංශය අතර තරගය පැවැත් විය.

තරග‍ය ආරම්භ වී 13 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කළේ ජර්මනිය යි.

පසු පෙළ ක්‍රීඩක මැට්ස් හමල්ස් එම ගෝලය වාර්තා කළ අතර පළමු අර්ධයේදී ‍ජර්මනිය ගෝල 1ට 0ක් ලෙස පෙරමුණේ පසු විය.

දෙවැනි අර්ධයේදී දෙපිළට ම ගෝල රැස් කිරීමේ අවස්ථා කිහිපයක් හිමි වුවද ඒවා සාර්ථක කර ගැනීමට හැකියාවක් නොලැබිණ.

ප්‍රංශ කණ්ඩායමට තරගයේ අවසන් භාගයේ පහසු අවස්ථා කිහිපයක් ලැබුණ ත් දැල් රකින්නාගේ දක්ෂතාවය මත එම අවස්ථා මග හැරී ගියේ ය.

තරගය ගෝල 1ට 0ක් ලෙස ජයගත් ජර්මනිය වාර්තා අතරට එක්වුණේ, අඛණ්ඩව ලෝක කුසලාන තරගාවලි 4කදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් එකම කණ්ඩායම ලෙස යි.

ඒ අනුව ජර්මනිය සත්කාරක බ්‍රසීලයට එරෙහිව ලබන අඟහරුවාදා අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිත යි.