English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
05 Jul, 2014 | 3:40 pm
එංගලන්තයේ ඵෙතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයට වසර 200ක් පිරීම නිමිත්තෙන් මෙරලිබෝන් ක්‍රිකට් සමාජය සහ තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් සැඳුම්ලත් කණ්ඩායමක් සමග අද විශේෂ එක්දින ක්‍රිකට් තරගයක් පැවැත්වේ.
එම තරගයට ලෝකයේ විශිෂ්ටතම දඟ පන්දු යවන්නන් යුගලය වන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ ෂේන් වෝන් ද සහභාගි වේ.
ඊට අමතරව බ්‍රයන් ලාරා, සචින් තෙන්ඩුල්කාර්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, කෙවින් පීටර්සන්, සයිඩ් අෆ්රිඩි සහ රාහුල් ඩ්රාඩිඩ් වැනි විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් ද මෙම තරගයට සහභාගී වෙති.
මෙම තරගයට සමගාමීව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ නර්සරි ක්‍රීඩා මණ්ඩපයේදී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විය.
එම අවස්ථාවට පුද්ගලයින් 600ක් පමණ සහභාගි වූහ.
ඉන්දීය විශිෂ්ට පිතිකරු සචින් තෙන්ඩුල්කාර විසින් මෙරලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායම මෙහෙයවන අතර හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් විසින් අනෙක් කණ්ඩායම මෙහෙයවනු ලැබේ.
වර්ෂ 1814 ඉදි කළ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 30,000කට තරග නැරඹීමේ පහසුකම් සලසා දී තිබේ.
වර්ෂ 2009 සිට මෙම ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක මධ්‍යයේ දිවා/රාත්‍රී තරග ද පැවැත්වේ.
06 Jan, 2019 | 08:01 AM
24 Oct, 2017 | 04:09 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS