රනිල් පොළේ යයි (Video)

රනිල් පොළේ යයි (Video)

රනිල් පොළේ යයි (Video)

කර්තෘ Chathuranga Rajapaksha

05 Jul, 2014 | 10:31 pm

එළැඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පල කළේ, අද රුවන්වැල්ලේ පැවති රැස්වීමක් අමතමින් ය.

එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් අද තල්දූව, දෙහිඕවිට, රුවන්වැල්ල ඇතුළු ප්‍රදේශවල පක්ෂ ප්‍රවර්ධන කටයුතු වල නිරත වූහ.

රනිල් වික්‍රමසිංහ මහතා පළමුව තල්දූව පොළ භූමියට ගොස් එහි සිටි වෙළඳුන් ඇතුළු ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.

අනතුරුව රුවන්වැල්ලේ පැවති ඡන්ද පොළ සංවිධායකවරු සහ ක්‍රියාකාරී හමුවකට ද රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස සහභාගී වූහ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේ පැවසීය

[quote]අපි අද යන්න තියෙන්නේ ඡන්දයකට. අපි අද යන්න තියෙන්නේ අපේ සටන ඉදිරියට ගෙනියන්න. මෙතන තියෙන්නේ ගෙයින් ගෙට යන සටනක්. තුවක්කු අරගෙන නෙවෙයි උණ්ඩ එක්ක නෙවෙයි ඡන්දෙට. ආරම්භය ගත්තේ රුවන්වැල්ලෙන්. 2015දී අපි තීරණය කළා ඡන්දයක් දෙන් නැත්නම් අපි පාරට බැහැල අපි ඡන්දයක් ගන්න ඕන. ජාතික ඡන්දයක් තියෙනවා නම් ජාතික ඡන්දයක් අපි ලබාගන්න ඕන ඒ වෙලාවේ පාර්ලිමේන්තු ඡන්දයක් නම් අපි පාර්ලගිමේන්තු අපේක්ෂකයෙක් නම් කරනවා. ජනාධිපතිවරයෙක් නම් එජාපයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරනවා. අපි මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් ඉදිරියට එන්න ඕන.[/quote]

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා

[quote]මේ බිදවැටෙන ආණ්ඩුව ගෙදර යවල ගෙදර යැවීමට ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනගන්න ඕන. ඇත්තටම අපිට දිනන්න පුළුවන්. වෙනදට වඩා අපි එක්ක කථාබහ කරපු නැති අය කියනවා ආණ්ඩුව එලවන්න දැන් කාලය හරි කියල. දැන් එජාපයට තමයි ලොකුම කාර්ය පැැවරෙන්නේ. බයවනේන එපා කවුරුවත් එහාට මෙහාට වෙන්නේ නෑ. එජාපයේ හැම කෙනාම එකම වේදිකාවේ නැගල තමුන්නාන්සේලාගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න දැන් සූදානම් කියල මම ආඩම්බරයෙන් කියනවා.[/quote]