රථ වාහන ලියාපදිංචිය පහළට

රථ වාහන ලියාපදිංචිය පහළට

රථ වාහන ලියාපදිංචිය පහළට

කර්තෘ Chathuranga Rajapaksha

05 Jul, 2014 | 5:03 pm

පසුගිය වසරට වඩා මේ වසරේ මුල් මාස 4 තුළ ‍මෝටර් රථ හා යතුරු පැදි හැර සෙසු වාහන ලියාපදිංචිය කැපීපෙනෙන ලෙස පහළ ගොස් ඇති බව රජයේ නිල සංඛ්‍යා අනාවරණ කරයි.

පසුගිය වසරේ මුල් මාස 4 තුළ ත්‍රිරෝද රථ 30,117 ක් අලුතින් ලියාපදිංචි කර  තිබුණ ද මේ වසරේ එම කාලය තුළ ලියාපදිංචි කර ඇත්තේ ත්‍රිරෝද රථ 24,193 ක් බව මුදල් අමාත්‍යාංශ නිකුත් කර ඇති නවතම දත්තවල සඳහන් ය.

ලොරි ඇතුළු භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන ලියාපදිංචිය මේ වසරේ මුල් මාස 4 ට සියයට 32 කින් පහළ ගොස් තිබේ.

පෙර වසරට වඩා එම වාහන 3,372 ක් අඩුවෙන් මෙම වසරේ මුල් මාස 4 තුළ ලියාපදිංචි කර ඇති අතර, ලියාපදිංචි වී ඇති එම වාහන ප්‍රමාණය 7,158කි.

අදාළ කාලය තුළ ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර් වැනි වාහන ලියාපදිංචියද සියයට 40 කින් පහළ ගොස් තිබේ.

කෙසේ නමුත් වසරේ මුල් මාස 4 තුළ මෝටර් රථ ලියාපදිංචිය සියයට 21 කින් හා යතුරු පැදි  ලියාපදිංචිය සියයට 16.8 කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ දත්තවල සඳහන් ය.

එම කාලය තුළ අලුතින් මෝටර් රථ 8,737 ක් ලියාපදිංචි කර අති අතර යතුරු පැදි 64,207 ක් ලියාපදිංචි කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]