යකඩ යකාගේ ගමනට විවේකයක් දී සද්ධන්තයා ජීවිතයෙන් සමු ගනී (VIDEO)

යකඩ යකාගේ ගමනට විවේකයක් දී සද්ධන්තයා ජීවිතයෙන් සමු ගනී (VIDEO)

කර්තෘ Sagarika Chathumali

05 Jul, 2014 | 1:10 pm

කොළඹ, කොටුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ දුම්රිය කැකිරාව හා පළුගස්වැව අතරදී පීලි පැනීම හේතුවෙන් මඩකලපුව හා ත්‍රීකුණාමලය මාර්ගයේ දුම්රිය ධාවනය අද අලුයම සිට අඩාල වී තිබේ.

වන අලියෙකු ගැටීමෙන් දුම්රිය පීලි පැන ඇති අතර සිද්ධියෙන් වන අලියා මිය ගොස් තිබේ.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ, අනතුරින් දුම්රිය මාර්ගයට අලාභ හානි වී ඇති අතර එය පිළිසකර කිරීමේ කටයුතු මේ වනවිට සිදුවන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]