බ්‍රසීල සුපිරි තරුවට පාපන්දු ලෝක කුසලානයේ ඉතිරි තරග අහිමි වෙයි (Photos)

බ්‍රසීල සුපිරි තරුවට පාපන්දු ලෝක කුසලානයේ ඉතිරි තරග අහිමි වෙයි (Photos)

බ්‍රසීල සුපිරි තරුවට පාපන්දු ලෝක කුසලානයේ ඉතිරි තරග අහිමි වෙයි (Photos)

කර්තෘ Sagarika Chathumali

05 Jul, 2014 | 8:47 am

බ්‍රසීල කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක නෙයිමා ද සිල්වාට පාපාන්දු ලෝක කුසලානයේ ඉදිරි තරගවලින් ඉවත් වීමට සිදුව තිබේ.

ඒ කොලොම්බියාව සමග පැවති අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරගයේදී  අබාධයකට ලක් වීම හේතුවෙනි.

තරගයේ 88 වන මිනිත්තුවේදී කොලොම්බියානු ක්‍රීඩක යුවාන් සුනිගා පසුපසින් ගැටීම නිසා කොන්දේ ආබාධයකට ලක් වූ  නෙයිමාර් එම අවස්ථාවේදී ම රෝහල්ගත කෙරිණ.

22 හැවිරිදි නෙයිමා ද සිල්වා ෆෝටලන්සාහි රෝහලකට ඇතුළත් කර තිබේ.

2014 පා පාන්දු ලෝක කුසලානයේ මේ වන විට නෙයිමා ද සිල්වා තරග 5කට ක්‍රීඩා කර ඇති අතර ඔහු ලබා ගෙන ඇති ගෝල සංඛ්‍යාව 4කි.

අද අලුයම අවසන් වූ තරගයේදී කොලොම්බියාව ගෝල 2ට 1ක් ලෙස පරාජයට පත් කරමින් බ්‍රසීලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබී ය.

neimad

neima4

_76063630_neymar_mm_getty

neima

Brazil-v-Colombia-Quarter-Final-2014-FIFA-World-Cup-Brazil

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]