බ්‍රසීල නායකයාට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක තරගය අහිමි වෙයි

බ්‍රසීල නායකයාට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක තරගය අහිමි වෙයි

බ්‍රසීල නායකයාට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක තරගය අහිමි වෙයි

කර්තෘ Sagarika Chathumali

05 Jul, 2014 | 10:20 am

බ්‍රසීල නායක තියාගෝ සිල්වාට ජර්මනියට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

ඒ ඊයේ කොළෙම්බියාවට එරෙහිව තරගයේදී ද කහ කාඩ්පත් අවවාදයක් ලැබීම මත් සමග  ඔහු පැවති තගර 5 තුළදී දෙවරක් කහ කාඩ්පත් අවවාද ලබා තිබීම හේතුවෙනි.

තියාගෝ සිල්වා කොලොම්බියාවට එරෙහිව ගෝල 2ට 1ක් ලෙස අද අලුයම ජය ගත් තරගයේදී පළමු ගෝලය වාර්තා කළේ ය.

ජර්මනිය සහ සත්කාරක බ්‍රසීලය අතර අවසන් පූර්ව වටයේ තරගය ලබන අඟහරුවාදා පැවැත් වේ.