ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගමගෙන් අපූරු නියෝගයක් (Video)

ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගමගෙන් අපූරු නියෝගයක් (Video)

කර්තෘ Sagarika Chathumali

05 Jul, 2014 | 12:10 pm

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය හා එහි ඉදිරි සැලසුම් පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් වේරහැරදී ඊයේ පැවැත් විය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා මෙලෙස අදහස් පළ කළේ ය.

[quote]මේ මට කියනවා බොඩිගාඩ් කෙනෙක් ඉන්නවාලු මෙතන. කියනවාලු ‍මම ඇමතිතුමාගේ බොඩිගාඩ් කියලා එළියේ. මේක
ඇතුලේ නෙවෙයි ඉතින් මම ඇමතිතුමාගේ බොඩිගාඩ් මේකේ ඕන දෙයක් කරන්න පුලුවන් කියලා එහේම ඉන්න අයත් ඉන්නවාලු එහෙම බොඩිගාඩ්ලා මට නැහැ.මම භීෂණය කාලේත් ගියේ තනියම දැනුත් යන්නේ තනියම ඒක හින්දා කිසිම බොඩිගාඩ් කෙනෙක් නෑ ඒක නිසා ඒ වගේ බොරු කථාවලට රැවටෙන්න එපා එහෙම කිසි කෙනෙක් නෑ. එහෙම කිව්වොත් අල්ලගෙන හොඳටම අල්ලන් ගහන්න. ඒවගේ බොරු  කථාවලට රැවටෙන්න එපා එහෙම කිසි කෙනෙක් නෑ. එහෙම කිව්වොත් අල්ලගෙන හොඳටම අල්ලන් ගහන්න. ඒකයි මම දෙන නියෝගය එහෙම කිව්වොත්. ඇත්ත එකෙක් උනත් කමක් නෑ මේක ඇතුලේ ඔය කතාන්දර කියන්න එපා කියලා බොඩිගාඩ්ලා මට නෑ[/quote]