ගමක හිටපු මාව ලෝකයක්ම දන්න හඬක් බවට පත් කරපු සිරසට ස්තුතියි – සිරස සුපර් ස්ටාර් ගයාන් අරෝෂ (Video)

ගමක හිටපු මාව ලෝකයක්ම දන්න හඬක් බවට පත් කරපු සිරසට ස්තුතියි – සිරස සුපර් ස්ටාර් ගයාන් අරෝෂ (Video)

කර්තෘ Chathuranga Rajapaksha

05 Jul, 2014 | 8:58 pm

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට නැවුම් අත්දැකීමක් එක් කළ සිරස සුපර් ස්ටාර් ඊයේ තව ත් තරුවක් සුපිරි තරු අතරට එක් කළේය.

මහරගම ගයාන් අරෝෂ මෙවර සිරස සුපර් ස්ටාර් කිරුළ හිමි කර ගත්තේ රුපියල් කෝටියක ත්‍යාග මුදලක් ද සමගිනි.

ශ්‍රී ලාංකේය 6 වෙනි කටහඬ සොයා යන “තාරුකා වසන්තය” සිරස සුපර් ස්ටාර් අවසන් මහා තරගය අති උත්කර්ෂවත් ලෙස ඊයේ පැවැත්වුණේ රත්මලාන, ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ය.

අති නවීන පහසුකම් සහිත ස්ටයින් මැදිරියට ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් දැඩි උද්යෝගයකින් යුතුව එක්රොක්ව සිටියහ.

විද්‍යුත් මාධ්‍යයේ පෙරළිකරුවා වෙමින් නැවුම් අත්දැකීම් ජනතාවට තිළිණ කරන සිරස ටී.වි. මෙවර සුපර් ස්ටාර් සීසන් 6 අවසන් මහා තරගය පැවැත්වුවේ මෙතෙක් පැමිණි ගමන් මගෙහි අභිමානය ද ඇතිවයි.

මින් පෙර සහෘදයන් රස ගැන්වූ තරු රැසක් මෙවරත් ප්‍රසංගයට එක්වෙමින් අවසන් මහා තරගය වර්ණවත් කළේය.

දිවයිනේ නන් දෙසින්, සුපර් ස්ටාර් සීසන් 6 තරගයට එක්ව සිටි දහස් සංඛ්‍යාත තරගකරුවන් අතරින් තීරණාත්මක 12 දෙනා තෝරා ගැනිණ.

ඔවුන් අතුරින් අවසාන මහා තරඟයට සුදුසුකම් ලබමින් සුපර් ස්ටාර් කිරුළ වෙනුවෙන් ඊයේ තරග වැදුණේ මහරගම ගයාන් අරෝෂ, නිකවැරටියේ චාමර ප්‍රසාද් සහ දෙහිවල ටෙහානි ඉමාරා.

අනතුරුව තරගකරුවන් තිදෙනා සුපර් ස්ටාර් වේදිකාව මත සිය කුසලතා විදහා දැක්වූහ.

සුපුරුදු පරිදි සිරස සුපර් ස්ටාර් රාත්‍රිය වර්ණවත් කරන්නට ගායන හා නර්තනාංග රැසක් ද එක්කර තිබුණි.

සිරස සුපර් ස්ටාර් කිරුළේ ජයග්‍රාහකයා කවුරුන්දැයි ප්‍රකාශයට පත් කෙරුණේ රැස්ව සිටි පිරිස මහත් කුතුහලයෙන් බලා සිටියදී ය.

වෙහෙසකර ව්‍යායාමයක සුබ ප්‍රතිඵල අත්කර ගත් අලුත්ම සුපිරි තරුව ගයාන් අරෝෂ, ස්ටයින් මැදිරිය ගිඟුම් දුන් ජනතා ප්‍රතිචාරය මධ්‍යයේ මෙවර සුපිරි තකරුව බවට පත්විය.

විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේ දෙවැනි වරට රියැලිටි ටී.වී වැඩසටහනක වැඩිම මුදල් ත්‍යාගය වන රුපියල් කෝටියක් මෙහිදී ගයාන්ට පිරිනැමුණා.

දෙවැනි ස්ථානය නිකවැරටියේ චාමර ප්‍රසාද්ට හිමි වූ අතර, තෙවැනි ස්ථානය හිමි කරගත්තේ දෙහිවල ටෙහානි ඉමාරා.

ජයග්‍රහණයෙන් පසුව සිරස සුපර් ස්ටාර් ගයාන් අරෝෂ ඇතුළු ශිල්පීන් ප්‍රේක්ෂකයින් රස ගැන්වූහ.

අනතුරුව නිව්ස්ෆස්ට් වෙත අදහස් දැක්වු ගයාන් අරෝෂ මෙසේ පැවසීය.

[quote]ඇත්තෙන්ම පුදුමාකාර සතුටක් තියෙන්නේ.මොකද මේ ගමන ඇතුලේ මටත් වඩා මගේ වටපිටාව ගොඩක් සතුටු වෙනවා.මගේ වටේ හිටපු ලොකු හයියක් මගේ පිරිස.මගෙ අම්මා තාත්තා මගේ ආයතනය. මගේ පාසල ම‍ගේ ගම සහ ලාංකීය ජනතාව මේ වෙළාවේ මාත් එක්ක එකතු වෙලා සතුටු වෙනවා.මේ සතුට බෙදාගන්න මාත් එක්ක එකතු වෙච්ච මාව මෙතෙන්ට ගෙනාපු හැමදෙනාටම ස්තුතිය් දුමාල් සර්ට විශේෂයෙන්ම.කෘතඥ වනවා මගේ මේ ගමන පිටුපස්සේ හිටපු හැමෝටම. මේ වටිනාකම ලාංකේය කටහඩ වෙන්න මට දීපු ශක්තිය මේ ආදරණීය සිරස මේ වේදිකාව මේ වේදිකාව මාව ගෙන ගිය තැන හිතාගන්නත් බැරි තරම්.ගමක හිටපු මම අද වෙනකොට ලෝකයක්ම දන්න හඬක් බවට පත්වෙලා හුඟක් ස්තූතියි සිරසට.හුඟක් ආදරෙයි.ඒ ආදරයත් එක්ක සිරසත් එක්ක සංගීත ගමනේ වෙනසක් කරන්න සහ තව ඉගෙනගන්න සංගීතයට ලාංකේය සංගීතයට යමක් කරන්න මගේ බලාපොරොත්තුව ස්තුතියි සිරසට නැවත වාරයක්.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]