කටුනායක සහ සීදූව අතර දුම්රිය ධාවනය පැය 19කට අත්හිටුවයි

කටුනායක සහ සීදූව අතර දුම්රිය ධාවනය පැය 19කට අත්හිටුවයි

කටුනායක සහ සීදූව අතර දුම්රිය ධාවනය පැය 19කට අත්හිටුවයි

කර්තෘ Chathuranga Rajapaksha

05 Jul, 2014 | 5:28 pm

පුත්තලම මාර්ගයේ සීදූව සිට කටුනායක දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය අද රාත්‍රී 9.30 සිට හෙට සවස 4.30 දක්වා පැය 19ක කාලයක් තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රධාන දුම්රිය පාලක ඩී.වී. ගුණපාල මහතා සඳහන් කළේ, මෙම කාලය තුළ හලාවත දුම්රිය ස්ථානයේ සිට මීගමුව දක්වාත් කොළඹ කොටුව සිට ජා-ඇළ දුම්රිය ස්ථානය දක්වාත් දුම්රිය ධාවනය කරවන බව ය.

පුත්තලම දක්වා දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස  සංවර්ධනය කිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව ද දුම්රිය පාලකවරයා පැවසීය

මේ අතර කැකිරාව හා පලුගස්වැව අතරදී පීලිපැනීමෙන් අඩාල වූ මඩකලපුව හා ත්‍රීකුණාමලය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.