අමෙරිකාවේ තව ත් හොර වැඩක් හෙළි වෙයි

අමෙරිකාවේ තව ත් හොර වැඩක් හෙළි වෙයි

අමෙරිකාවේ තව ත් හොර වැඩක් හෙළි වෙයි

කර්තෘ Sagarika Chathumali

05 Jul, 2014 | 5:10 pm

ජර්මනිය සහ අමෙරිකාව අතර යළි ඔත්තු බැලීමේ අර්බුදයක් මතුව තිබේ.

ඒ,  අමෙරිකාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැකපිට 31 හැවිරිදි පුද්ගලයෙකු ජර්මන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීම ත් සමග යි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ජර්මනියේ ෆෙඩරල් විදේශ බුද්ධි සේවාවට සම්බන්ධ නිලධාරීයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් බලධාරීන් එරට අමෙරිකානු තානාපතිවරයා කැඳවා කරුණු විමසා තිබේ.

අමෙරිකානු බුද්ධි අංශ, ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල්ගේ දුරකථන සංවාදවලට රහසිගතව සවන් දෙන බව මැතකදී හෙළිදරව් වීම ත් සමග දෙරට අතර සබඳතා අයහපත් තත්ත්වයකට පත් විය.

මෙම ඔත්තුකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල්ගේ ප්‍රකාශයෙකු පවසා තිබුණේ, මෙය ඉතා බරපතළ සිද්ධියක් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]