මාරියා ෂැරපෝවාගේ ‘පුදුම’ ප්‍රකාශයෙන් ඉන්දියාව කැළ‍ඹෙයි (PHOTOS)

මාරියා ෂැරපෝවාගේ ‘පුදුම’ ප්‍රකාශයෙන් ඉන්දියාව කැළ‍ඹෙයි (PHOTOS)

මාරියා ෂැරපෝවාගේ ‘පුදුම’ ප්‍රකාශයෙන් ඉන්දියාව කැළ‍ඹෙයි (PHOTOS)

කර්තෘ Kumudu Jayawardana

03 Jul, 2014 | 11:02 am

(Scroll down for more photos)

සචින් ටෙන්ඩුල්කාර් යනු අපේ කාලයේ බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් පිතිකරුවා ය.

මාරියා ෂැරපෝවා යනු වත්මන් ටෙනිස් තාරකාවකි. ලෝකයේ ම අවධානය දිනාගත් නිරූපිකාවකි.

එහෙත්, ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචින් ටෙන්ඩුල්කාර් පිළිබඳව මාරියා ෂැරපෝවා මින් පෙර අසා නොතිබීම විමතියට කරුණකි.

ඇය, සචින් ටෙන්ඩුල්කාර් පිළිබඳව දැන නොසිටි බව අනාවරණය වී ඇත්තේ, විම්බල්ඩන් ටෙනිස් තරගයක් අතරතුරදී ය.

රෆායෙල් නඩාල් සහ රොජර් ෆෙඩරර් අතර පැවති මෙම තරගය නැරඹීමට පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්, ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෲ ස්ට්‍රෝස් සහ සචින් ටෙන්ඩුල්කාර් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පිරිසක් පැමිණ සිටියහ.

එහි සිටි නිවේදකයෙකු ෂැරපෝවාට ඩේවිඩ් බෙකම් හඳුන්වා දෙමින් ඔහු හඳුනන්නේදැයි විමසීය.

ඇය පැවසුවේ, තමන් ඩේවිඩ් බෙකම් විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයෙකු බව දන්නා බව ය.

පසුව, නිවේදකයා ඇසුවේ “ඔබ සචින් ටෙන්ඩුල්කාර් පිළිබඳව අසා තිබේ ද?” යනුවෙනි.

එයට ඇගේ පිළිතුර වූයේ, “එවැනි කෙනෙකු පිළිබඳව අසා නොමැත” යන්න ය.

රුසියාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය ක්‍රීඩාවක් නොවන අතර ඇයට ක්‍රිකට් සම්බන්ධයෙන් දැනුමක් නොමැති විය හැකි බව ඇතැම් විචාරකයෝ පවසති.

එහෙත්, විද්‍යුත්, රූපවාහිනී, ඉන්ටර්නෙට් ඇතුළු මාධ්‍ය වඩා ත් දියුණු අවධියක සචින් ටෙන්ඩුල්කාර් වැනි විශිෂ්ට ක්‍රීඩකයෙකු පිළිබඳව දැන නොසිටීම විමතියට කරුණක් බව තවත් පිරිසක් පවසති.

මේ අතර, ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, ෂැරපෝවාගේ එම ප්‍රකාශයෙන් ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේ ‘හිත රිදී ඇති’ බව ය.

ඉන්දීය ජනතාව සචින් ටෙන්ඩුල්කාර් දෙවියෙකු ලෙස සලකති.

Day Six: The Championships - Wimbledon 2014

sachin wimbledon_bekcham

sachin wimbledon_bekcham2

maria-sharapova

maria-sharapova2

maria-sharapova3

maria-sharapova4

maria-sharapova5

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]