සෙරීනා විලියම්ස්ට වෛරස් ප්‍රහාරයක්: පිටිය මැද අසරණ වූ සෙරීනා විම්බල්ඩන් තරගයෙන් කඳුළු සලමින් ඉවත් වෙයි (VIDEO)

සෙරීනා විලියම්ස්ට වෛරස් ප්‍රහාරයක්: පිටිය මැද අසරණ වූ සෙරීනා විම්බල්ඩන් තරගයෙන් කඳුළු සලමින් ඉවත් වෙයි (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

02 Jul, 2014 | 11:08 am

විම්බල්ඩන් කුසලාන ටෙනිස් තරගාවලියේ ප්‍රධානතම ක්‍රීඩිකාවක වන සෙරීනා විලියම්ස්ට ඊයේ පැවති යුගල තරග ඉසව්වෙන් අනපේක්ෂිත ලෙස ඉවත් වීමට සිදුවිය.

එය සෙරීනා විලියම්ස්ට පමණක් නොව ඇයගේ ක්‍රීඩා ලෝලීන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ දොම්නසට හේතු විය.

ඇය සිය සොහොයුරිය වන වීනස් විලියම්ස් සමග යුගල තරගයට ඉදිරිපත්ව සිටියා ය.

එහෙත්, ටෙනිස් ක්‍රීඩාව පිළිබඳ ජන්ම බැඳීමක් සහිත ඇය කුඩා දරුවෙකු මෙන් පන්දුව පාලනය කරගත නොහැකිව අසරණ තත්ත්වයක පසුවූයේ, සියල්ලන් මවිතයට පත් කරමිනි.

සෙරීනා පන්දුව අහුලා ගැනීමට උත්සහ කළ එක් අවස්ථාවක සිරුරේ සමබරතාව නොමැති වීමෙන් අත ටෙනිස් පිටිය මත තබන අයුරු ද දිස් විය.

ඇය ටෙනිස් පන්දුව එක් වරක් යොමු කළ ද එය දැලෙහි වැදී නතර වූයේ, එම පහරෙහි වේගවත්බවක් නොතිබුණු හෙයිනි.

පසුව ඇය තරගයෙන් ඉවත් වූයේ, කඳුළු සලමිනි.

මෙම ශෝකජනක සිදුවීමට හේතුවී ඇත්තේ, ඇය වෛරස් රෝගයකින් පිඩා විඳීම ය.

සෙරීනා විලියම්ස් මෙම තරගයට සහභාගි වී ඇත්තේ, රෝගී තත්ත්වය මධ්‍යයේ ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ‍වීනස් විලියම්ස් පැවසුවේ, සිය සොහොයුරියගේ ධෛර්යය සහ ක්‍රීඩාවට ඇති ආදරය මෙන් ම කැපවීම පිළිබඳව බෙහෙවින් ආඩම්බර වන බව ය.
serena williams2
SOURCE: Daily Mail

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]