WEATHER ALERT! මිලිමීටර් 100කට අධික වැසි ඇති විය හැකි ප්‍රදේශ

WEATHER ALERT! මිලිමීටර් 100කට අධික වැසි ඇති විය හැකි ප්‍රදේශ

WEATHER ALERT! මිලිමීටර් 100කට අධික වැසි ඇති විය හැකි ප්‍රදේශ

කර්තෘ Kumudu Jayawardana

01 Jul, 2014 | 11:23 am

පවතින කාලගුණික තත්ත්වය අනුව අද දිනයේදී බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100කට අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ ‍විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

‍එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ම අපේක්ෂා කරන බව ය.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ත් මෙම තද වැසි තත්ත්වය අපේක්ෂා කෙරේ.

මෙය හම්බන්තොට දක්වා ව්‍යාප්ත විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.