FIFA WORLD CUP: හිස් අතින් යළි පැමිණි දකුණු කොරියා කණ්ඩායම දැඩි නින්දාවකට ලක්කෙරේ(VIDEO)

FIFA WORLD CUP: හිස් අතින් යළි පැමිණි දකුණු කොරියා කණ්ඩායම දැඩි නින්දාවකට ලක්කෙරේ(VIDEO)

කර්තෘ Kumudu Jayawardana

01 Jul, 2014 | 1:02 pm

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටයේ තරග තුනෙන් සියලු තරග පරාජයට පත්වූ දකුණු කොරියානු කණ්ඩායමට එරට ක්‍රීඩා ලෝලීන් පිරිසකගේ දැඩි අවඥාවට ලක්වීමට ඊයේ සිදුවිය.

ඒ, දකුණු කොරියානු කණ්ඩායම යළි සිය රටට පැමිණීමෙන් පසුව ගුවන් තොටුපොළේදී පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී ය.

එහිදී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවේ කෝපයට පත් ක්‍රීඩා ලෝලීන් පිරිසක් ක්‍රීඩකයින් දෙසට ටොෆිවලින් දමා ගැසූහ.

එරට සම්ප්‍රදායට අනුව ටොෆිවලින් දමා ගැසීම අතිශය අවඥාසහගත ක්‍රියාවකි.

SOURCE: BBC

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]