FIFA CUP: නයිජීරියාව ප්‍රංශයට ජය පුදයි (VIDEO)

FIFA CUP: නයිජීරියාව ප්‍රංශයට ජය පුදයි (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

01 Jul, 2014 | 9:18 am

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සමත් විය.

ඒ, ඊයේ නයිජීරියාව සමග පැවති තරගයෙන් 2-0ක ජයක් වාර්තා කරමිනි.

මෙම තරගය ආරම්භයේ සිට වඩා ත් තියුණු මුහුණුවරක් ගත් අතර කණ්ඩායම් දෙක ම සම දක්ෂතා දැක්වීය.

එහෙත් තරගයේ 79 වන මිනිත්තුවේදී ප්‍රංශයේ පෝල් පොග්බා (Paul Pogba) පළමුවන ගෝලය වා‍ර්තා කරමින් ප්‍රංශ ජය ශක්තිමත් කළේ ය.

දෙවන ගෝලය නයිජීරියානු ක්‍රීඩක ජෝසෆ් යෝබෝගේ (Joseph Yobo) අත්වැරදීමකින් ප්‍රංශයට ලැබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]