රුසියාවේ පොලිස් නිලධාරිනියන්ට අපූරු තහනමක් (PHOTOS)

රුසියාවේ පොලිස් නිලධාරිනියන්ට අපූරු තහනමක් (PHOTOS)

රුසියාවේ පොලිස් නිලධාරිනියන්ට අපූරු තහනමක් (PHOTOS)

කර්තෘ Kumudu Jayawardana

01 Jul, 2014 | 4:12 pm

රුසියාවේ පොලිස් නිලධාරිනියන්ට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් අපූරු තහනමක් පනවනු ලැබ තිබේ.

නිල ඇඳුම් ලෙස කලවා පෙනෙන ආකාරයේ කොට සායවල් ඇඳීම එසේ තහනම් කර ඇත.

රුසියානු අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සර්ගෙයි ගෙරසිමොෆ් පවසන්නේ, රුසියානු පොලිස් නිලධාරිනියන්ගේ නිල ඇඳුමට අදාළ සාය දණහිස තෙක් දිග විය යුතු බව ය.

එහෙත්, මේ වන විට ඔවුන් එම නිල ඇඳුමට අදාළ සාය කලවා පෙනෙන ආකාරයට අඳින බවට ඔහු චෝදනා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ, නිල ඇඳුම නිසි පරිදි නොඇඳීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව පොලිස් කාන්තාවන් කෙරෙහි දක්වන ගෞරවය සහ බිය අඩු වන බව ය.

එය පොලිස් නිලධාරිනියන්ට සිය රාජකාරි ඉටු කිරීමේදී බාධාවක වන බව අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඊට අමතරව, රාජකාරියේ යෙදී සිටියදී head phones, ear phones ඇතුළු දේ භාවිත කිරීම ද පොලිස් නිලධාරිනියන්ට තහනම් කර තිබේ.

මේ අතර, රුසියානු පොලිස් නිලධාරීන්ගේ සංගමයේ සභාපති මිහායිල් පැෂ්කින් පවසන්නේ, විවාහ වීමට සුදුසු පෙම්වතෙකු සොයා ගැනීමේ අදහසින් පොලිස් නිලධාරිනියන් ආකර්ෂණීය ඇඳුම් ඇඳීමට නැඹුරු වී සිටින බව ය.

Police-women russia

Police-women russia2