මහ කොමසාරිස්වරුන් දෙදෙනෙක් සහ තානාපතිවරුන් තිදෙනෙක් අක්තපත්‍ර භාර දෙති

මහ කොමසාරිස්වරුන් දෙදෙනෙක් සහ තානාපතිවරුන් තිදෙනෙක් අක්තපත්‍ර භාර දෙති

මහ කොමසාරිස්වරුන් දෙදෙනෙක් සහ තානාපතිවරුන් තිදෙනෙක් අක්තපත්‍ර භාර දෙති

කර්තෘ Sagarika Chathumali

01 Jul, 2014 | 5:31 pm

නව මහ කොමසාරිස්වරුන් දෙදෙනෙක් සහ තානාපතිවරුන් තිදෙනෙක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අක්තපත්‍ර පිළිගැන් වූහ.

නවසීලන්ත මහ කොමසාරිස් ග්‍රැහැම් මෝටන්, මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් සහියා සරීර්, ජෝර්දාන් හෂෛමයිට් රාජධානියේ තානාපති හසන් මහමුද් මොහොමඩ් අල්-ජවමේ, භූතාන් තානාපතිනී පෙමා චොදන්, බොස්නිහා සහ හර්සගොවිනා තානාපති සබිට් සුබාසික් යන පිරිස  මෙලෙස අක්තපත්‍ර භාර දුන්හ.

president

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අක්තපත්‍ර භාර දීමෙන් පසුව පැවති සාකච්ඡාවේදී  ජනාධිපතිතුමා ගැටුම් අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව පැහැදිලි කළ බව ය.

ත්‍රස්තවාදීන් විනාශ කළ සම්පත් ලබා දී, යටිතල පහසුකම් නැවත ඉදිකර වසර 28කට පසුව උතුරු පළාතේ මැතිවරණයක් පැවැත්වු බව ද මෙහිදී ජනාධිපතිවරයා එහිදී සිහිපත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]