නි. අමාත්‍ය හේමාල් ගුණසේකරට දඩ කොළයක් දුන් බව කියන කොස්තාපල් පොලීසියට සමු දුන් බව කියයි (VIDEO)

නි. අමාත්‍ය හේමාල් ගුණසේකරට දඩ කොළයක් දුන් බව කියන කොස්තාපල් පොලීසියට සමු දුන් බව කියයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

01 Jul, 2014 | 10:27 pm

කළුතර, දොඩම්ගොඩ ප්‍රදේශයේදී නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා එල්ල කළ පොලිස් කොස්තාපල් සුමින්ද සමන් මහතා සේවයෙන් ඉල්ලා අස් වූ බව අද ප්‍රකාශ කළේ ය.


[quote]මම අද ඉඳලා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද මම පොලිස් මූලස්ථානයට යොමු කළා.එයට ප්‍රධාන හේතුව වශයෙන් ගරු හේමාල් ඇමතිතුමාට දඩ කොලයක් දීම තමයි මේ ප්‍රශ්නවලට මූලික වුණේ ඉතිං තව ත් මගේ දරු දෙදෙනාත් බිරිඳත් රැකගන්න ඕනි නිසා මම මේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අසවෙනවා.මොකද තවදුරටකත් මම රාජකාරියේ යෙදී සිටියොත් මාව එදා සිද්ධියේදී මම කාර් රථයේම ගිනි ගත්තනම් අද මෙහෙම කථා කරන්න වෙන්නේ නැහැ.ඒත මම මුලින්ම ඔබතුමාලට ස්තූතිවන්ත වෙනවා මාධ්‍යවේදියෝ හැටියට ඔබතුමන්ලා මට ප්‍රශ්න කළා. ගහපු අය මොනවගේද කියලා ඒත් කිසිදු වෙමර්සණ නිලධාරියෙක් මේ වන කන් මලෙගන් ගහපු අය මොනවගේද කියලවත් අහලා නැහැ.හැබැයි මම ටපොලිස් පොලිස්පතිතුමාගෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තටමේන්තුවෙන් දසාධාරණයක් ඉශ්ඨ වෙතැයි ඒකායනව හිතනවා -[/quote]

මේ අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ, ඔහු සේවයෙන් ඉල්ලා අස් වූ බවට මෙතෙක් වාර්තා වී නොමැති බව ය.

ඔහු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ය.