දිස්ත්‍රික්ක 5ක් සඳහා ප්‍රකාශයට පත් කළ නායයෑම් අනතුරු ඇඟවීම තව දුරට ත්

දිස්ත්‍රික්ක 5ක් සඳහා ප්‍රකාශයට පත් කළ නායයෑම් අනතුරු ඇඟවීම තව දුරට ත්

කර්තෘ Sagarika Chathumali

01 Jul, 2014 | 6:57 pm

දිස්ත්‍රික්ක 5ක් සඳහා ප්‍රකාශයට පත් කළ නායයෑමේ අවදානම් අනතුරු ඇඟවීම තව දුරට ත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ කුමාරි වීරසිංහ මහත්මිය සඳහන් කළේ, ඒ අනුව නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, මහනුවර හා කළුතර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇගවීම නිකුත් කර ඇති බව ය‍.

අදාළ දිස්ත්‍රික්කවලට අඛණ්ඩව වැසි ඇද හැළුණ හොත් නායායෑම්, කණ්ඩි කඩා වැටීම් හා ගල් පෙරළීමේ අවදානමක් පවතින බව ද ඇය සඳහන් කළා ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, අඹගමුව කොරලේ යන ප්‍රදේශීය ලේකම් කොට්ටාසවලට එම අවදානම පවතින අතර මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයෑම් ගල් පෙරලීම් හා කණ්ඩි කඩා වැටීමේ අවදානම පවතී.

කෑගල්ල දිස්ත්‍රික්කයේ එම අවදානම බල පැවැත්වෙන්නේ කෑගල්ල, දැරණියගල, යටියන්තොට, බුලත්කොහුපිටිය, දෙහිඕවිට හා රුවන්වැල්ල යන ප්‍රදේශීය ලේකම් කොට්ටාසවලට යි.

රත්නපුර දිස්ත්‍රික්කයේ අවදානම ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වන්නේ ඇහැලියගොඩ, ඇලපාත, කලවාන, අයගම, රත්නපුර, පැල්මඩුල්ල, බලංගොඩ හා කහවත්ත යි.

කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, මතුගම, පාලින්දනුවර, වලල්ලාවිට, බුලත්සිංහල හා හොරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද එම අවදානම බල පැවැත්වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]