කුරුක්කල්මඩම් සමූහ මිනී වළේ කැණීම් කල් යයි (VIDEO)

කුරුක්කල්මඩම් සමූහ මිනී වළේ කැණීම් කල් යයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

01 Jul, 2014 | 9:05 pm

කලවංචිකුඩි පොලිසිය අද අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මඩකලපුව, කුරුක්කල්මඩම් ප්‍රදේශයේ ඇතැයි, පැවසෙන සමූහ මිනීවලේ කැණීම් කල් ද‍මා තිබේ.

කලවංචිකුඩි, කුරුක්කල්මඩම් ප්‍රදේශයේ සමූහ මිනී වළේ කැණීම් අද සිට ආරම්භ කරන ලෙස පසුගිය 23 වන දා අධිකරණය නියෝග කළේ ය.

එහෙත් එම කැණීම් එක් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට පමණක් නිරීක්ෂණය කළ නොහැකි බව කලවංචිකුඩි පොලීසිය අද අධිකරණයේ අවධානයට යොමු කර තිබේ.

පොලීසිය අධිකරණයට පෙන්වා දුන්නේ, අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් පත්කර  විද්වත් සහයක් මෙම කැණීම් සඳහා අවශ්‍ය බව ය.

එම කරුණු සලකා බැලූ අධිකරණය අදට නියමිතව තිබූ කැණීම් ලබන අගෝස්තු මස 18 වන දා සිදුකිරීමට නියෝග කළ බව පොලිසිය පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]