අද රාත්‍රී උතුරු මාර්ගයේ සියලු ම තැපැල් දුම්රිය අවලංගු කෙරේ

අද රාත්‍රී උතුරු මාර්ගයේ සියලු ම තැපැල් දුම්රිය අවලංගු කෙරේ

අද රාත්‍රී උතුරු මාර්ගයේ සියලු ම තැපැල් දුම්රිය අවලංගු කෙරේ

කර්තෘ Sagarika Chathumali

01 Jul, 2014 | 2:59 pm

උතුරු මාර්ගයේ අද රාත්‍රියේ ධාවනය කිරීමට නියමිත සියලු තැපැල් දුම්රිය අවලංගු කර තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, පොතුහැරදී දුම්රියක් පීලි පැනීමෙන් මාර්ගයට අලාභ හානි සිදුවීම ඊට හේතු ව බව ය.

පීලි පනින ලද දුම්රිය මේ වන විට පීලිගත කර ඇති අතර මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ‍කොළඹ කොටුවේ සිට රාත්‍රී 7.15 ට මඩකළපුව බලා ධාවනය කෙරෙන දුම්රිය ත් රාත්‍රී 8.15ට වවුනියාව බලා ධාවනය වන දුම්රිය ත් රාත්‍රී 9.00 ට ත්‍රිකුණාමලය බලා ධාවනය කෙරෙන දුම්රියත් අවලංගු කර තිබේ.

ඊට අමතරව අදාළ දුම්රිය ස්ථානවල සිට කොළඹ කො‍ටුව බලා ධාවනය කිරීමට නියමිත රාත්‍රි තැපැල් දුම්රිය ද අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]