අඹ ගසකට නංවා පාසල් සිසුවෙකු මැරූ බවට චෝදනා ලත් විදුහල්පති අත්අඩංගුවට

අඹ ගසකට නංවා පාසල් සිසුවෙකු මැරූ බවට චෝදනා ලත් විදුහල්පති අත්අඩංගුවට

අඹ ගසකට නංවා පාසල් සිසුවෙකු මැරූ බවට චෝදනා ලත් විදුහල්පති අත්අඩංගුවට

කර්තෘ Kumudu Jayawardana

01 Jul, 2014 | 12:29 pm

රත්තොට ප්‍රදේශයේ පාසලක අඹ ගසකින් වැටී පාසල් ශිෂ්‍යයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, එම විදුහල්පතිවරයා අදාළ ශිෂ්‍යයා අඹ කැඩීම සඳහා ගසට නැංවූ බව අනාවරණය වීම හේතුවෙනි.

ඒ බව අනාවරණය කරගෙන ඇත්තේ, රත්තොට පොලීසිය විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ය.

මිය ගිය සිසුවා අදාළ පාසලේ පිහිටි අඹ ගසකට නැගීමට උත්සහ කළ අවස්ථාවකදී ඉන් බිමට වැටී අනතුරට ලක්වූයේ, පසුගිය 27 වන දා ය.

ඉන්පසු ඔහු මහනුවර රෝහලට ඇතුළත් කෙරිණි.

පොලීසිය සඳහන් කළේ, එම සිසුවා 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූවෙකු බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුව ගත් විදුහල්පතිවරයා අද මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]