WEATHER ALERT! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්!

WEATHER ALERT! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්!

WEATHER ALERT! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්!

කර්තෘ Kumudu Jayawardana

17 Jun, 2014 | 1:34 pm

දිවයින අවට මුහුදු ප්‍රදේශවල නිරිත දිග මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 – 80ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින වටා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු වන බව ය.

මේ හේතුවෙන් මේ පිළිබඳව විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවයි.