විරෝධතා නොතකා මහනුවර නගරයේ රාත්‍රී මෝටර් රථ ධාවන තරග පැවැත්වීම ගැන දැඩි විරෝධය (VIDEO)

විරෝධතා නොතකා මහනුවර නගරයේ රාත්‍රී මෝටර් රථ ධාවන තරග පැවැත්වීම ගැන දැඩි විරෝධය (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

26 Jun, 2014 | 9:48 am

මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීම පවා නොතකා මහනුවර ශුද්ධ නගරයේ රාත්‍රී මෝටර් රථ ධාවන තරග පැවැත්වීමට සූදානම් වීම දැඩි ලෙස හෙළා දකින බව අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

ඒ හිමියන් සඳහන් කළේ, මෙය හිතුවක්කාරී ක්‍රියාවක් බව ය.

මහනුවර නගරය ශුද්ධ භූමියක් බවට පත් කරනු වෙනුවට රේස් පිටියක් බවට පත් කිරීම දැඩි ලෙස හෙළා දකින බව ද පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කළහ.

මේ අතර, මහනුව නගරයේ වීදි කිහිපයක් අදාළ මෝටර් රථ ධාවන තරග සඳහා සූදානම් කරන ආකාරය අප කැමරාවල සටහන් විය.

මෙම ධාවන තරග සම්බන්ධයෙන් මහනුවර වෙසෙන ජනතාව ද සිය අදහස් පළ කළහ.