රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් උප කුලපතිවරයා නිල කාමරය තුළ සිර කර ගනිති

රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් උප කුලපතිවරයා නිල කාමරය තුළ සිර කර ගනිති

කර්තෘ Chathuranga Rajapaksha

26 Jun, 2014 | 8:32 pm

රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් උප කුලපතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් සිය නිල කාමරය තුළ සිර කර ගෙන සිටිති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සිසුන් 300 කට අධික පිරිසක් ඒ අවට රැඳී සිටින බව ය.

සිසුන් 13 දෙනෙකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙසට බල කරමින් ඔවුන් එලෙස උප කුලපතිවරයා ඇතුලු පිරිස සිරකරගෙන සිටිනවා.

මේ වනවිට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙහි ආරක්ෂාව දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]