පේරාදෙණියේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ආරම්භ කළ උපවාසය අවසන්

පේරාදෙණියේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ආරම්භ කළ උපවාසය අවසන්

පේරාදෙණියේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ආරම්භ කළ උපවාසය අවසන්

කර්තෘ Chathuranga Rajapaksha

26 Jun, 2014 | 4:54 pm

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ආරම්භ කළ උපවාසය අද පස්වරු 2ට පමණ අත්හරිනු ලැබිණි.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන සහ නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර යන මහත්වරුන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.

ඉකුත් 24 වන දා පෙරවරුවේ චන්දිමා කුමුදුනී නැමති සෞඛ්‍ය සේවා නිලධාරිනිය මෙම උපවාසය ආරම්භ කළේ, රෝහල තුළ සිය සේවය නිසි පරිදි කරගෙන යාමට ඉඩ ලබාදෙන්නැයි ඉල්ලමින් ය‍.

අප වාර්තාකරු පැවසුවේ උපවාසයේ නිරත වූ ඇය මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ය.

මේ අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් දිවයින පුරා ආරම්භ කළ ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීම තව දුරට ත් ක්‍රියාත්මක බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය ප්‍රකාශ කළාය.