ගොඩනැගිලි හදන්න පුළුවන් ඒත් හිත් හදන්න බෑනේ – ඇමති රාජිත (Video)

ගොඩනැගිලි හදන්න පුළුවන් ඒත් හිත් හදන්න බෑනේ – ඇමති රාජිත (Video)

කර්තෘ Chathuranga Rajapaksha

26 Jun, 2014 | 9:44 pm

කළුතර හා බේරුවල ප්‍රදේශ‍වල දේපල නැවත ගොඩ නැගීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් සම්පාදනය කර ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්විය.

ඒ,කළුතර දිසා ලේකම් කාර්යාලයේදී ය.

නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා

[quote]වාහනයක් ගිනි තිබ්බනම් ඒ පිළිබඳව ඒ අපට අදාළ නෑ මේ කටයුතුවලදී .අතට සල්ලි නොදී යුධ හමුදාව මගින් මේවා ගොඩනැගීම තමයි මේ මුදල්
ප්‍රතිපාදන මිලියන 200 තුළ කල යුත්තතේ දිසාපතිතුමත් හමුදාවත් එකතු වෙලා. යුද හමුදා‍වේ විනය ශ්‍රම බලකායක් තිබෙන්නේ ඒ අය නිවරදිව වැඩ
කරනවා අපි යොදවන සේවකයෝ වගේ නෙමෙයි , නිවාස සංවර්ධන අධිකාරයත් එක්ක වැඩ කරා සමහර තැන් වලදී එහිදී අසාර්ථක වීම් සිදු වුණා
.ඒ නිසා මම විශ්වාස කරනවා යුද හමුදාවත් අනෙකුත් හමුදාත් එකතු කරගෙන මේ කරන වැඩේ සියයට සියයක්ම සාර්ථක වේවි.[/quote]

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා

[quote]මං ඉල්ලා හිටිනවා මේ නීතිය කියන එක හරියට ක්‍රියාත්මක කරන්න රටේ එච්චරයි මට ඕනේ .කාටත් අපිට විරුද්ධව හරි නීතිය හරියට ක්‍රියාත්මක
කරන්න .මොකද ඔබතුමන්ලා කොච්චර කිව්වත් ගොඩනැගිලි හදන්න පුළුවන් හිත් හදන්න බෑනේ. මේ හිත් හදන්න වෙනම ක්‍රමයක් තියෙන්න
ඕනේ ඒ කරපු වැරදි. වැරදි කරපු මිනිහට දඬුවම් කිරීමෙන් යම්කිසි සහනයක් මානසික සහනයක් ලැ‍බෙනවා . එතන ඉඳලා තමයි හිත් හදන්න පටන්
ගන්නේ නැත්තන් අපිට හිත් හදාගන්න අමාරු වෙනවා කොච්චර කතා කරත්. මෙතන කව්රුවක්වත් නෑනේ මෙතන වාඩි වෙලා මේවයේ ගිනි
තියාගත්ත කට්ටිය ගුටි කාපු කට්ටිය කකුල් කැපුණු කට්ටිය මෙතන කව්රුත් නෑනේ.[/quote]