ඛනිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් ලක්ෂ 30 ක පාඩුවක් – වෘත්තීය සමිතිවලින් හෙළිදරව්වක්

ඛනිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් ලක්ෂ 30 ක පාඩුවක් – වෘත්තීය සමිතිවලින් හෙළිදරව්වක්

ඛනිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් ලක්ෂ 30 ක පාඩුවක් – වෘත්තීය සමිතිවලින් හෙළිදරව්වක්

කර්තෘ Chathuranga Rajapaksha

12 Jun, 2014 | 10:35 pm

දිවයිනට බොරතෙල් ගොඩබෑම සඳහා මුහුදේ යොදා ඇති‍ බෝයාවේ නලයක් පුපුරා යැමෙන් ඛනිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් ලක්ෂ 30 ක පමණ පාඩුවක් සිදුවන බව වෘත්තිය සමිති පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසි ප්‍රමිතියෙන් සිදු නොකිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බව ය.

සති‍ තුනක් තිස්සේ මෙම හානිය සිදුවන බව ද වෘත්තිය සමිති නියෝජිතයින් අවධාරණය කළේය.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා

[quote]මේ පාඩුව වෙන්නේ එක පැත්තකින් අලුත් හොස් එක ඩැමෙජ් වෙනවා. අනිත් පැත්තේ පාඩුව තමයි බොරතෙල් ලැබාගැනිමට බැරිවීම නිසා දවසට ඩොලර් 25,000 ක් 30,000 ක් විතර ඒ කියන්නේ රුපියල් වලින් ගත්තට පස්සේ දවසකට රුපියල් ලක්ෂ 25 ක් ලක්ෂ 30 ක් ක ප්‍රමාණයක් අහිමි වනවා ඩැමරේජ් විදිහට සංස්ථාවට. වසර 10 ක් මේ හොස් එකක් පාවිච්චි කරන්න පුලුවන් කම තියෙද්දි මාස කිහිපයක් ඇතුලතදී මේ හොස් එක පුපුරා යාම නිසා තමයි මේ පාඩුව සිද්ධ වෙන්නේ.[/quote]

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා

[quote]ඔය කියන කතාවේ එක්තරා‍ සත්‍යක් තියෙනවා. ඒ තමයි මේ නල පද්ධතිය දාලා කෙටි කලකින් මේ නලයක් පුපුරලා ගිහිල්ලා තියෙනවා. අපි එකේ තවම හරියටම සිද්ධිය සොයාගෙන නැහැ හානිය ගැන තවම හරියටම හිතාගන්න බැහැ මොකද ඒක ගැන අපි අධ්‍යනය කරන්න ඕනේ මේක සිද්ධ වෙලා දැන් සති දෙකකට වැඩියි නමුත් අපිට මුහුදට බැහැගන්න ක්‍රමයක් තිබුනේ නැහැ මුහුදේ රළු බාවය නිසා බොහෙම අමාරුවෙන් දැන් අපි මේ වැඩේ කරගෙන යනවා තවත් දවස් තුන හතරකින් අපි දන්නවා මේක යථා තත්‍ත්වෙට පත් වෙනවා.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]