නිලූක කරුණාරත්න ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියෙන් ඉවතට (Video)

නිලූක කරුණාරත්න ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියෙන් ඉවතට (Video)

කර්තෘ Chathuranga Rajapaksha

06 Jun, 2014 | 10:11 pm

ජාතික ශූර නිලූක කරුණාරත්නට ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ඒ තුන් වැනි වටයේ තරගයේදී පරාජය වීම හේතුවෙනි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහි පිරිමි කේවල තුන් වැනි වටයේ තරගයේදී නිලූක කරුණාරත්න පරාජය වූයේ ඉන්දිය ක්‍රීඩක එච්.එස්. ප්‍රෙනෝයි හමුවේයි.

ඒ වට 2ට 1ක් ලෙසින්.

‍මේ අතර නිලුකගේ සොහොයුරු දිනුක කරුණාරත්න පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය‍.

දිනුක හමුවේ වට දෙකට එකක් ලෙස පරාජය වූයේ ඉන්දිය ක්‍රීඩක සමීර් වර්මා.

ශ්‍රී ලංකාවේ කසුන් මදුෂංක පිරිමි කේවල තුන්වැනි වටයට පිවිසියේ නිතර‍ගයෙනි.

රටවල් 17ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වන තරගාවලිය ලබන ඉරිදි අවසන් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]