ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා බලඇණියට නව නායකයෙක්

ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා බලඇණියට නව නායකයෙක්

ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා බලඇණියට නව නායකයෙක්

කර්තෘ Kumudu Jayawardana

04 Jun, 2014 | 10:28 am

දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට හෂීම් අම්ලා පත් කර තිබේ.

ඒ, පසුගිය මාර්තු මාසයේදී හිටපු නායක ග්‍රැහැම් ස්මිත් විශ්‍රාම ගැනීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩුව හේතුවෙනි.

31 හැවිරිදි හෂීම් අම්ලා නායකත්වයට පත්වීමෙන් පසු ඔහුට ලැබෙන පළමු අභියෝගය වන්නේ, ශ්‍රී ලංකාවට එරෙහි තරග දෙකක ටෙස්ට් තරගාවලිය යි.

එම තරගාවලිය ජූලි 16 වන දා ශ්‍රී ලංකාවේදී ආරම්භ වේ.

ටෙස්ට් තරග 76ක් සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කළ හෂීම් අම්ලා, රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 6214කි.

එහි සාමාන්‍යය 51.35කි.

දක්ෂ පිතිකරුවෙකු වන හෂීම් අම්ලා දැඩි ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටී.

ඔහු අදහන ආගමට අනුව මත්පැන් භාවිතය අකැප වන අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නිල අන්‍රග්‍රාහකත්වය දැරූ බියර් සමාගමක ලාංඡනය සහිත නිල ඇඳුම ඇඳීම ද ප්‍රතික්ෂේප කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]