මාතර මාර්ග ජලයෙන් යට වෙයි

මාතර මාර්ග ජලයෙන් යට වෙයි

මාතර මාර්ග ජලයෙන් යට වෙයි

කර්තෘ Sagarika Chathumali

04 Jun, 2014 | 4:06 pm

නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබේ.

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස නගරයේ ස්ථාන කිහිපයක් ඊයේ රාත්‍රි ජලයෙන් යට වූ බව අප වාර්තාකරු පැවසී ය.

අකුරැස්ස බංගම මාර්ගය ද ජලයෙන් යටවීමෙන් රථවාහන ධාවනයට බාධා එල්ල විය.

මාතර – අකුරැස්ස මාර්ගය ස්ථාන 3කින් යටවී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

මේ අතර ජල ගැලීම් හා නාය යාම්වලින් මේ වන විට පීඩාවට පත් සංඛ්‍යාව 70,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, කළුතර ගාල්ල මාතර ගම්පහ නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බව ය.

අයහපත් කාලගුණයත් සමග සිදුවු අනතුරුවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 23 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]