තංගල්ලේ කොන්දොස්තර ඝාතනය : රියැදුරු සිද්ධිය විස්තර කරයි (VIDEO)

තංගල්ලේ කොන්දොස්තර ඝාතනය : රියැදුරු සිද්ධිය විස්තර කරයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

04 Jun, 2014 | 9:28 pm

තංගල්ල බස් නැවතුම්පොළේදී අද පෙරවරුවේ පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකු වෙඩි තබා ඝාතනය කෙරිණ.

පොලීසිය පැවසුවේ, සම්පූර්ණයෙන් ම මුහුණු ආවරණය වන පිරිදි හිස් වැසුම් පැළද යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බව ය.

වෙඩි වැදීමෙන් මිය ගියේ තංගල්ල හේණකඩුව ප්‍රදේශයේ පදිංචි එස්. ප්‍රභාත් චන්දන නැමැති 35 හැවිරිදි තිදරු පියෙකි.

හිසට වෙඩි තබා මෙම ඝාතනය සිදු කර ඇති අතර සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැත.

පොලීසිය ප්‍රකාශ පැවසුවේ, තංගල්ල අධිකරණ සංකීර්ණය අසලදී පසුගිය 22 වැනි දා අමිල රාජපක්ෂ හෙවත් ආමි අමිල නැමති පුද්ගලයෙකුට වෙඩි තැබීම හා මෙම සිදුවීම අතර සම්බන්ධයක් පවතී දැයි පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය.

ආමි අමිල නැමැත්තා ප්‍රතිකාර ලබන අවස්ථාවේ  ප්‍රභාත් චන්දන රෝහලේ සිට ඔහුට ප්‍රතිකාර  සදහා සහය වී ඇතැයි වාර්තා වේ.