එංගලන්ත පි‍ලේ ජොස් බට්ලර් දවාගත් ආකාරය ගැන දැඩි ආන්දෝලනයක්! (VIDEO)

එංගලන්ත පි‍ලේ ජොස් බට්ලර් දවාගත් ආකාරය ගැන දැඩි ආන්දෝලනයක්! (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

04 Jun, 2014 | 9:00 am

(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති 5 වන එක්දින ක්‍රිකට් තරගයේදී සුවිශේෂී සිද්ධියක් සිදු විය.

ඒ, සචිත්‍ර සේනානායක විසින් එංගලන්ත පිතිකරු ජොස් බට්ලර් දවා ගනු ලැබීමේ සිද්ධිය යි.

එහිදී ජොස් බට්ලර් පන්දු යවන්නාගේ අන්තයේ සීමා ඉර ඉක්මවා යාම හේතුවෙන් සචිත්‍ර සේනානායක කඩුල්ල බිඳ දැමී ය.

එය දුවද්දී දැවී යාමක් වන අතර පන්දු රකින කණ්ඩායමේ නායකයාට එම දැවී යාම ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් පවතී.

එහෙත්, ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් එය ප්‍රතික්ෂේප නොකිරීම හේතුවෙන් ජොස් බට්ලර් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරිණි.

මෙම සිද්ධිය මේ වන විට ක්‍රිකට් ලෝකය පුරා ඉමහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ.

මෙවැනි සිද්ධිය ක්‍රිකට් පිටියෙන් වාර්තා වූයේ, 1992 වසරෙන් පසුව ය.

මේ පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත නායක ඇලස්ටෙයාර් කුක් පවසා ඇත්තේ, ශ්‍රී ලංකා නායකයා ගත් තීරණය ක්‍රීඩාවේ ජීව ගුණය බිඳ දමන ක්‍රියාවක් බව ය.

ක්‍රිකට් නායකයෙකුට තරගයක් ජයග්‍රහණය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග රැසක් පවතින බව ත්, තමන් නායකයෙකු ලෙස එවැනි තීරණයක් කිසිදා නොගන්නා බව ත් ඇලස්ටෙයාර් කුක් සඳහන් කළේ ය.

එම ක්‍රියාව පිළිබඳව තමන් අතිශයින් කණගාටු වන බව පවසන් කුක් පෙන්වා ‍දී ඇත්තේ, තරගයක අවසන් පන්දු වාර කිහිපයකදී පිතිකරුවන් තුළ පවතින පීඩනය හේතුවෙන් සීමා ඉර ඉක්මවා පියවර කිහිපයක් ඉදිරියට යාම සාමාන්‍ය තත්ත්වයක් බව ය.

එමගින් කිසිසේත් තරගයේ ප්‍රතිඵලයට හානියක් නොවන බව ද එංගලන්ත ක්‍රිකට් නායකයා අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසා ඇත්තේ, ජොස් බට්ලර්ට ඒ සම්බන්ධයෙන් දෙවරක් අවවාද කළ බව ය.

ඔහු එය නොපිළිපැදීම හේතුවෙන් ශ්‍රී ලංකා නායකයා ඔහුගේ දැවී යාම අනුමත කළ බව මහේල ජයවර්ධන පෙන්වා දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]