ඉන්දියන් සාගර ටූනා කොමිසමේ 18 වැනි සැසිය අද සිට

ඉන්දියන් සාගර ටූනා කොමිසමේ 18 වැනි සැසිය අද සිට

ඉන්දියන් සාගර ටූනා කොමිසමේ 18 වැනි සැසිය අද සිට

කර්තෘ Sagarika Chathumali

01 Jun, 2014 | 11:23 am

ඉන්දියන් සාගර ටූනා කොමිසමේ 18 වැනි සැසිවාරය අද කොළඹ දී පැවැත් වේ.

‍කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වන සමුළුව දින 5 ක් පුරා පැවැත්වෙනු ඇති.

ඊට ඉන්දීය සාගරයේ ධීවර කටයුතු සිදුකරන රටවල් 40 ක් නියෝජනය කරමින් 250 කට අධික නියෝජිතයින් හා නිරීක්ෂකයින් ඊට සහභාගීවීමට නියමිතයි.

ඉන්දියන් සාගරයේ ටූනා මත්ස්‍ය සම්පත නිසි කළමනාකරණයකින් යුතුව පරිහරණය කිරීම , ධීවර කර්මාන්තය ආශ්‍රිතව සිදුකෙරෙන නීති විරෝධී කටයුතු වැළැක්වීම මෙම කොමිසමේ අරමුණ වේ.

ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ,  අධි ශීතකරණවල කල් තබා ගැනීමෙන් තොරව වැඩි ම ටූනා මත්ස්‍ය ප්‍රමාණයක් අපනයනය කරන රට වශයෙන් ශ්‍රී ලංකාවට මෙම සමුළුව අතිශය වැදගත් බව ය.

ඉන්දීයන් සාගර ටූනා කොමිසම මෙරටදී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2011 වසරේදී එය ශ්‍රි ලංකාවේදී පැවැත් විය.