MH370 යානයේ කළු පෙට්ටියෙන් ශබ්දයක් නිකුත් වූ බව පිළිගත නොහැකියි – අමෙරිකාව

MH370 යානයේ කළු පෙට්ටියෙන් ශබ්දයක් නිකුත් වූ බව පිළිගත නොහැකියි – අමෙරිකාව

MH370 යානයේ කළු පෙට්ටියෙන් ශබ්දයක් නිකුත් වූ බව පිළිගත නොහැකියි – අමෙරිකාව

කර්තෘ Staff writer

29 May, 2014 | 9:41 am

අතුරුදන් වූ MH370 යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූ බවට සැකකළ ශබ්දය ව්‍යාජ ශබ්දයක් බවට අමෙරිකානු නාවික හමුදාව අනුමානය කරයි.

අමෙරිකානු නාවික හමුදාවේ සාගර ඉන්ජිනේරු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ මයිකල් ඩීන් පවසන්නේ, අදාළ ශබ්දය වෙනත් ක්‍රියාකාරකමකින් නිකුත් වූ ශබ්දයක් විය හැකි බව ය.

MH370 යානය පසුගිය මාර්තු 8 වන දා අතුරුදන් වූ අතර එහි සිටි පුද්ගලයින් 239 දෙනෙකු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

එම යානය සෙවීමේ මෙහෙයුම් අතරතුර නැගුණු ශබ්දයක් සෝදිසි යානාවල පටිගත වී ඇති අතර ඒ පිළිබඳව මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]