ඝාතන කිහිපයකට සම්බන්ධ දෙදෙනෙක් කළුතරදී අත්අඩංගුවට

ඝාතන කිහිපයකට සම්බන්ධ දෙදෙනෙක් කළුතරදී අත්අඩංගුවට

ඝාතන කිහිපයකට සම්බන්ධ දෙදෙනෙක් කළුතරදී අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

28 May, 2014 | 3:50 pm

මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කළුතර බස්නැවතුම්පොළ අසලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඉකුත් 15 වැනි දා මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන පසුව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙම සැකකරුවන් අවශ්‍යව සිටි බව ය.

සැකකරුවන් දකුණු කළුතර සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ඔවුන් ළඟ තිබී රි‍වෝල්වරයක්, උණ්ඩ 38ක් සහ ජීව අත්බෝම්බයක් ද සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.