අධ්‍යාපන කප්පාදුවට එරෙහිව කොළඹදී විරෝධතා පා ගමනක් (VIDEO)

අධ්‍යාපන කප්පාදුවට එරෙහිව කොළඹදී විරෝධතා පා ගමනක් (VIDEO)

කර්තෘ Sagarika Chathumali

28 May, 2014 | 8:46 pm

සිවු අවුරුදු සම සෞඛ්‍ය උපාධිය රැක ගැනීම සහ සිසු මර්දනයට එරෙහිව සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද කොළඹදී පැවැත් විය.

එය ආරම්භ වූයේ, කොළඹ ජාතික රෝහල ඉදිරිපිටිනි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හා පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය එක්ව මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණි.

සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව වසර 3ක‍ට කප්පාදු කිරීම හා ඊට එරෙහි වන සිසුන් මර්දනය කරන බවට විරෝධතාකරුවන් එහිදී චෝදනා කළේ ය.

කොටුව දුම්රියපොළ අසලට පැමිණි විරෝධතාකරුවන් සත්‍යග්‍රහයේ නිරත සම සෞඛ්‍ය සිසුන් ඉදිරිපිටදී රැළියක් පැවැත් විය.