සේවක අර්ථ සාධක අරමුදල (EPF) කොටස් වශයෙන් ගෙවන වැඩපිළිවෙළක් – ආචාර්ය හර්ෂ ද සිල්වා අනතුරු අඟවයි (VIDEO)

සේවක අර්ථ සාධක අරමුදල (EPF) කොටස් වශයෙන් ගෙවන වැඩපිළිවෙළක් – ආචාර්ය හර්ෂ ද සිල්වා අනතුරු අඟවයි (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

27 May, 2014 | 10:44 am

මෙරට රැකියාවල නියුතු පුද්ගලයින්ට විශ්‍රාම ගැනීමෙන් පසු සේවක අර්ථ සාධක අරමුදල (EPF) එක්වර ලබා නොදීමට රජය පියවර ගනිමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, සේවක අර්ථ සාධක අරමුදල කොටස් වශයෙන් ගෙවීමට රජය පියවර ගනිමින් සිටින බව ය.

ඊට හේතුව සේවක අර්ථ සාධක අරමුදලේ ඇති මෙරට සේවකයින් සතු මුදල් වැරදි ලෙස ආයෝජනය කිරීම බව ඔහු පෙන්වා දුන්නේ ය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, එම අරමුදලේ මුදල් කුකුළු ගොවිපොළකට පවා ආයෝජනය කර අලාභයක් සිදු කර ඇති බව ය.

ඊයේ Sirasa Newsline වැඩසටහනට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]