ඉන්දියාවේ නිෂ්පාදිත පළමු මෝටර් රථය අභාවයට යයි

ඉන්දියාවේ නිෂ්පාදිත පළමු මෝටර් රථය අභාවයට යයි

ඉන්දියාවේ නිෂ්පාදිත පළමු මෝටර් රථය අභාවයට යයි

කර්තෘ Kumudu Jayawardana

26 May, 2014 | 9:34 am

ඉන්දියාවේ නිෂ්පාදිත පළමු මෝටර් රථය ලෙස සැලකෙන Ambassador මෝටර් රථ නිෂ්පාදනය අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබේ.

හින්දුස්ථාන් මෝටර්ස් සමාගම පවසන්නේ, ආර්ථික අර්බුදය සහ අලෙවිය බෙහෙවින් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ය.

ඇම්බසඩර් මෝටර් රථය පළමු වරට නිපදවන ලද්දේ, 1957 වර්ෂයේදී ය.

එය වැඩි වශයෙන් භාවිත කරන ලද්දේ, ඉන්දීය දේශපාලනඥයින් සහ රජයේ නිලධාරීන් විසිනි.

එහෙත් මේ වන විට එම මෝටර් රථයට ඇති ඉල්ලුම පහත වැටී ඇති අතර 2014 වසරේ මාර්තු මාසය දක්වා මූල්‍ය වර්ෂය තුළ ඇම්බසඩර් මෝටර් රථ 2200ක් පමණක් අලෙවි වී තිබේ.

මෝටර් රථ පිළි පිළිබඳ වෙළෙඳපොළ සමීක්ෂණ කණ්ඩායම් පවසන්නේ, ඇම්බසඩර් මෝටර් රථයේ ස්වරූපය වත්මන් වෙළෙඳපොළට කිසිසේත් නොගැළපෙන බව ය.

මේ වන විට කොල්කටා නගරයේ ක්‍රියාත්මක ඇම්බසඩර් ටැක්සි සංඛ්‍යාව 33000ක් වන අතර නූතන මාදිලියේ මෝටර් රථ විසින් ඇම්බසඩර් මෝටර් රථය අභිබවනු ලැබ තිබේ.

SOURCE: BBC

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]