පිට රටින් මාළු ගේන එක වහාම නවත්වන්න – පිට රට මාළු නිසා දුක් විඳින ධීවරයින්

පිට රටින් මාළු ගේන එක වහාම නවත්වන්න – පිට රට මාළු නිසා දුක් විඳින ධීවරයින්

පිට රටින් මාළු ගේන එක වහාම නවත්වන්න – පිට රට මාළු නිසා දුක් විඳින ධීවරයින්

කර්තෘ Chathuranga Rajapaksha

25 May, 2014 | 5:27 pm

විදෙස් රටවලින් මසුන් මෙරට ගෙන්වීමෙන් තම කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ධීවරයින් පවසයි.

ඔවුන්‍ පෙන්වා දෙන්නේ, විදේශීය මසුන් අඩු මිලට මෙරට වෙළෙඳපොළට පැමිණීම තුළ තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබී යන බව ය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අනුව ධීවර කර්මාන්තය ආශ්‍රීතව පන්ලක්ෂ හතලිස් දහසක් පමණ සෘජු හා වක්‍ර රැකියාවල නිරතව සිටිති.

ඒ, වර්ග කිලෝමීටර් පන්ලක්ෂ දාහත් දහසක මුහුදු කලාපයක කරදිය ධීවර කර්මාන්තයත්, හෙක්ටයාර හාර ලක්ෂ අසු නවදහසක කිවුල්දිය හා මිරිදිය ධීවර කර්මාන්තයත් වශයෙනි.

එහෙත් තවමත් දිවයිනේ සමස්ත මත්ස්‍ය අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට නොහැකිව වීම හේතුවෙන් විදේශයන්ගෙන් මාළු ආනයනය කිරීමට සිදුව තිබේ.

වෙළෙන්දෙක්

[quote]මේවා මැලේසියාවෙන් එන්නේ රුපියල් 220 ක් වෙනවා මෙහේ මිල පිටින් එන මාල තමයි මේ වෙ‍ළෙන්දන්ට ගොඩක් වෙලාවට හම්බෙන්නේ.[/quote]

වැඩි අස්වැන්නක් ලබාගත හැකි නව තාත්ෂණය තවමත් ධීවර කර්මාන්තයේදී භාවිත නොකිරීම මෙන්ම, ඉහළ මත්ස්‍ය අස්වන්නක් ලැබෙන කාලවලදී ඒවා කල් තබාගත හැකි දියුණු ක්‍රම මෙරට භාවිත නොවීම ද මෙලෙස, මාළු ආනයනය කිරීමට හේතුවී ඇතැයි ධීවරයින් පෙන්වා දෙන්නේය.

ධීවරයින්

[quote]මැලේසියාවෙන් මාළු ගේනවා මේ රටට ගෙනැල්ලා රටේ ඉන්න ධීවරයන්ව කාලා දානවා. මෙහෙ ගෙනැල්ලා රුපියල් 200 ට විකුණනවා සැමන් මාළු ඒ වෙද්දි මෙහේ තියෙන හුරුල්ලොයි අනිත් මාලුයි ඔක්කොම මිල  බහිනවා.[/quote]

[quote]පිට රටින් මාළු ගේන එක වහාම නවත්වන්න. ඒ වගේම අපි ඉල්ලනවා මේ අපේ රටේ ධීවරයෝ අල්ලන මාළු කල් තබා ගන්න ක්‍රම ඒ වගේම ඒවට වෙළෙඳපොළක් හදා දෙන්න තාක්ෂණය ලබා දෙන්න.[/quote]